ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයකි (ස්ථාපිත 1992) වයඹ පළාත් සභාව | ප්‍රධාන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා වේලාව: --:--:--
Traditional Ves Dance Performance
Viskam Niwasa Handicrafts Showcase
Sri Subha Mangalam Wedding Ceremony
Traditional Drumming Ensemble

වයඹ සාම්ප්‍රදායික කලා ශිල්ප හා
ජන උරුමය සුරකිමු

වයඹ පළාතේ සාම්ප්‍රදායික කලාකරුවන් හා ශිල්පීන්ගේ නිර්මාණශීලී කුසලතා ඔප්නංවා, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින්, අපේ අභිමානවත් ජන උරුමය මතු පරපුරට දායාද කරන රාජ්‍ය ආයතනය.

1992 ආරම්භක වර්ෂය
03 අලෙවි මධ්‍යස්ථාන
1,000+ සවිබල ගැන්වූ ශිල්පීන්
20+ වාර්ෂික සංස්කෘතික සේවා

ආරම්භය හා ව්‍යවස්ථාපිත පසුබිම

වයඹ ජනකලා කේන්ද්‍රය 1992 මාර්තු 21 වන දින වයඹ පළාත් සභාවේ 1992 අංක 02 දරණ පළාත් ප්‍රඥප්තිය යටතේ ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයකි.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම කේන්ද්‍රය, පළාතේ සාම්ප්‍රදායික කලා ශිල්ප හා ජනකලා සංරක්ෂණය, ප්‍රවර්ධනය සහ කලාකරුවන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය උසස් කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී කටයුතු කරයි.

1992 අංක 02 දරණ ප්‍රඥප්තිය
වයඹ පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතනයකි
🏛️

ස්වාධීන ව්‍යවස්ථාපිත බලතල

පළාතේ කලා ශිල්ප ආරක්ෂා කිරීමට නීතිමය හා පරිපාලනමය පදනමක් හිමිවීම.

🤝

ප්‍රධාන අමාත්‍යාංශ අධීක්ෂණය

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම හා රාජ්‍ය සහයෝගය.

🌱

ස්වයංපෝෂිත සංවර්ධන ඉලක්ක

පළාත් සභාවට බරක් නොවී ස්වයං ආදායම් උත්පාදනය මගින් පැවැත්ම තහවුරු කරගැනීම.

Traditional Sri Lankan Craftsmanship
34+
වසරක නොමැකෙන
සංස්කෘතික මෙහෙවර

දැක්ම සහ මෙහෙවර

👁️

දැක්ම

වයඹ කලා කරුවන්ගේ නිර්මාණ කලා ශිල්ප හා පාරම්පරික ජනකලාවන් ආරක්ෂණය කර නව බිඳුවලින් කලාව තුලින් යහපත් පුරවැසියන් බිහිකිරීම.

🎯

මෙහෙවර

වයඹ පළාතේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන කලා කරුවන් සතු ශිල්පීය ඥානයන් ඒකරාශී කර, ඔපමට්ටම් කර, ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ මට්ටමකට ගෙන එන අතර, එය මතු පරපුරට දායාද කරමින් ජනතාවගේ රසාස්වාදය බුද්ධි වර්ධනය සහ සුභවාදී ආකල්පමය දැක්මක් සඳහා භාවිතා කිරීම වේ.

ආයතනික අරමුණු

01

දේශීය කලාව හා ජනකලාව රැකගැනීම

වයඹ පළාතට ආවේණික දේශීය කලාවන්, අත්කම් හා ජනකලා රැකගැනීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැලසීම.

02

ශිල්පීන්ගේ ජීවන මට්ටම උසස් කිරීම

දේශීය අත්කම් කර්මාන්ත ආරක්ෂා කරමින් ශිල්පීන්ගේ සහ කලාකරුවන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය හා ජීවන තත්ත්වය උසස් කිරීම.

03

ස්වයංපෝෂිත ආයතනයක් ලෙස පැවතීම

වයඹ පළාත් සභාවට මූල්‍යමය බරක් නොවී, විවිධ ආදායම් උත්පාදන ව්‍යාපෘති මගින් ස්වයංපෝෂිත මූල්‍ය ශක්තියක් සහිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම.

වයඹ ජනකලා පදනමේ කාර්යභාරය

01

හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කිරීම හා සාධාරණ වෙළඳපළක් බිහි කිරීම

වයඹ පළාතේ විවිධ හස්ත කර්මාන්තයන්හි නිරත ශිල්පීන් ඒකරාශී කොට ඔවුන්ගේ හැකියාවට සහ ශ්‍රමයට සරිලන සාධාරණ ඉහළ මිලක් ලැබෙන වෙළඳපළක් බිහි කිරීම හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම.

මෙම හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන අලෙවි කර දීම සදහා කුරුණෑගල, හලාවත හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන ස්ථානවල විස්කම් නිවාස අලෙවිසැල් කේන්ද්‍රගත වී ඇත.

02

කර්මාන්තකරුවන් එක වහලක් යටට එක්රැස් කිරීම හා නඟා සිටුවීම

වයඹ පළාතේ කර්මාන්ත කරුවන් එක වහලක් යට එකට එකමුතු කර ඔවුනගේ කර්මාන්ත කර ගෙන යාමට සහ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව පාදා දෙමින් වයඹ ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය තුළ ඇති ස්ථාන එම කර්මාන්තකරුවන්ට සාධාරණ බදුකුලී පදනමක් මත ලබාදීම තුළීන් වයඹ පළාතේ කර්මාන්ත කරුවන් නඟා සිටු වීම.

03

අනන්‍ය වූ කලා ශිල්ප සංරක්ෂණය, සෞන්දර්ය පාඨමාලා හා ප්‍රසංග පැවැත්වීම

වයඹට අනන්‍ය වු කලා ශිල්ප හා කලා කරුවන් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කර පවත්වා ගෙන යාම සදහා පාරම්පරික කලා ශිල්පයන්ගේ නිපුණත්වයට පත් කලා ශිල්පීන්ගේ දායකත්වයෙන් සෞන්දර්යය පාඨමාලාවන් පවත්වා ගෙන යාම හා එමගින් බිහිවන කලා කරුවන්ගේ පැවැත්ම සහ කලා ශිල්ප මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා නර්තන, වාදන (පෙරදිග සහ අපරදිග) ගායක කණ්ඩායම්, මංගල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේ සේවා, නාට්‍ය සංගීතය, බලි තොවිල් ආදී ප්‍රසංග පැවැත් වීම තුළින් වයඹ පළාතේ සංස්කෘතිය හා කලාව නංවාලීම.

වයඹ ජනකලා පදනමේ සංවිධාන සටහන

වයඹ ජනකලා පදනමේ නිල පරිපාලන හා මෙහෙයුම් ව්‍යුහය.

ℹ️ ප්‍රස්ථාරය තිරස් අතට Scroll කර සම්පූර්ණයෙන් නැරඹිය හැක
📄 නිල PDF ලේඛනය (බාගත කරන්න)
වයඹ ජනකලා පදනමේ සංවිධාන සටහන
වයඹ ජනකලා පදනමේ සංවිධාන සටහන
අධ්‍යක්ෂ මණ්ඩලය
කළමනාකාර අධ්‍යක්ෂ
සහකාර අධ්‍යක්ෂ( මූල්‍ය)
කළමනාකරණ සහකාර
සංවර්ධන නිලධාරී
සහකාර අධ්‍යක්ෂ( පාලන)
පරිපාලන නිලධාරී
කළමනාකරණ සහකාර
කළමනාකරණ සහකාර (ශාඛා)
අලෙවි සහකාර
සංවර්ධන නිලධාරී
ව්‍යාපෘති නිලධාරී
රියදුරු
ගබඩා පරිපාලක
කාර්යාල කාර්ය සහායක
මුරකරු
කම්කරු

ජනකලා පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය

1992 අංක දරණ වයඹ ජනකලා පදනම ප්‍රඥප්තිය අනුව අධ්‍යක්ෂ මණ්ඩලය නිල සාමාජිකයින් තිදෙනෙකුගෙන්ද, නම් කරනු ලැබූ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත වේ.

නිල සාමාජිකයින් තිදෙනා වයඹ පළාතේ ප්‍රධාන ලේකම් හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයෙකු, වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍යාංශයේ ලේකම් යන අයගෙන් සමන්විත වේ.

නම් කරනු ලැබූ සාමාජිකයන් සිව්දෙනා අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබේ.

වයඹ ජනකලා පදනමේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය

වයඹ ජනකලා පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන ආදායම් උත්පාදන ව්‍යාපෘති

🏺

අත්කම් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථාන

🏛️ වයඹ එක්ස්පෝර්ට් සෙන්ටර්
🏛️ කුරුණෑගල විස්කම් නිවස
🏛️ හලාවත විස්කම් නිවස
🏢

ගොඩනැගිලි බදු දීම

🏢 වයඹ ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය තුළ ඇති ගොඩනැගිලි වයඹ පළාතේ කර්මාන්ත කරුවන්ට බදු කුලී පදනම මත ලබා දීම.
🎭

සංස්කෘතික අංශයේ ව්‍යාපෘති

🪔 ශ්‍රී සුභ මංගලම් ව්‍යාපෘතිය
🎙️ වයඹ තරංග ශබ්ද පද්ධතිය හා ශබ්දාගාරය
🎪 එලිමහන් රංග පීඨය
🎨 සෞන්දර්ය අංශය යටතේ චිත්‍ර, නැටුම්, සංගීත පන්ති

අලෙවි මධ්‍යස්ථාන (විස්කම් නිවස)

වයඹ ප්‍රවීණ ශිල්පීන්ගේ අද්විතීය නිර්මාණ සෘජුවම මිලදී ගැනීමට පැමිණෙන්න.

Airport Outlet ජාත්‍යන්තර

වයඹ අපනයන මධ්‍යස්ථානය - 34D සාප්පුව

● දැන් විවෘතයි
📍 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA), කටුනායක

ශ්‍රී ලාංකේය සංස්කෘතික සිහිවටන, සාම්ප්‍රදායික වෙස් මුහුණු, පිත්තල භාණ්ඩ, දුම්බර පැදුරු හා අත්කම් නිර්මාණ විදෙස් මගීන් වෙත අලෙවි කරන ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය.

Kurunegala Outlet ප්‍රධාන මධ්‍යස්ථානය

කුරුණෑගල විස්කම් නිවස (ප්‍රධාන මධ්‍යස්ථානය)

● පරීක්ෂා කරමින්...
📍 ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය, නුවර පාර, කුරුණෑගල

වයඹ පළාතේ ප්‍රධානතම අත්කම් අලෙවිසැල. ලී කැටයම්, පිත්තල භාණ්ඩ, මැටි භාණ්ඩ, බතික් ඇඳුම් සහ ස්වභාවික අමුද්‍රව්‍ය නිෂ්පාදන රැසක් මෙහිදී ලබාගත හැක.

Chilaw Outlet වෙරළබඩ

හලාවත (Chilaw) විස්කම් නිවස

● පරීක්ෂා කරමින්...
📍 කොළඹ පාර, හලාවත

වෙරළබඩ කලාපයේ පාරිභෝගිකයින් හා සංචාරකයින් ඉලක්ක කරගත් සාම්ප්‍රදායික අත්කම් සහ සිහිවටන ප්‍රදර්ශනාගාරය.

කුරුණෑගල විස්කම් නිවස (ප්‍රධාන මධ්‍යස්ථානය)

ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය, නුවර පාර, කුරුණෑගල

Google Maps ඔස්සේ විවෘත කරන්න ↗

ඉදිරි අපේක්ෂා

🎭

ග්‍රාමීය ජනතාවගේ රසඥතාවය ඉහල නැංවීම

ග්‍රාමීය ජනතාවගේ රසඥතාවය ඉහල නැංවීම ඉලක්ක කරගත් කෙටි වැඩසටහන් සම්ප්‍රදායක් සමාජගත කිරීම (සොකරි, නාඩගම්/නූර්ති ගී වැඩසටහන්, දෙබස් කථන මුද්‍රා නාටක)

🏺

නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩිකිරීම

හස්ත කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

💡

නව නිර්මාණකරුවන් හඳුනා ගැනීම

නව නිර්මාණ කරුවන් පිරිසක් හඳුනා ගැනීම.

⚖️

ස්වයං පැවැත්ම තහවුරු කර ගැනීම

ස්වයං පැවැත්ම තහවුරු කර ගත් ආයතනයක් බවට පත්වීම.

🏛️

සැබෑ කලා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම

සැබෑ කලා මධ්‍යස්ථානයක් බවට ජනකලා කේන්ද්‍රය පත්කිරීම.

නිතර අසන ප්‍රශ්න (FAQ)

අපගේ නිල වෙබ් අඩවියේ විමසීම් පෝරමය මගින්, 037-2223421 දුරකථන අංකයෙන් හෝ කුරුණෑගල ප්‍රධාන කාර්යාලයට පැමිණ ඔබගේ උත්සව දිනයට අවම වශයෙන් සති දෙකකට පෙර වෙන්කරවා ගත හැක.

ඔව්. කුරුණෑගල, හලාවත සහ කටුනායක ගුවන්තොටුපල (34D) අලෙවිසැල් මගින් සෘජුවම මිලදී ගත හැක. විශේෂ තොග ඇණවුම් සඳහා අපගේ අලෙවි අංශය අමතන්න.

වයඹ පළාතේ පදිංචි ඕනෑම සාම්ප්‍රදායික හෝ නවීන අත්කම් ශිල්පියෙකුට අපගේ ව්‍යාපෘති අංශයේ ලියාපදිංචි වී, ගුණාත්මකභාවය පරීක්ෂාවෙන් පසු විස්කම් නිවස අලෙවි ජාලයට තම නිෂ්පාදන සැපයිය හැක.

සම්බන්ධතා සහ තොරතුරු

අපගේ සංස්කෘතික සේවාවන් වෙන්කරවා ගැනීමට, විස්කම් නිවස නිෂ්පාදන පිළිබඳ විමසීමට හෝ පරිශ්‍ර පහසුකම් ලබාගැනීමට පහත තොරතුරු මගින් අප හා සම්බන්ධ වන්න.

🏛️ ප්‍රධාන කාර්යාලය — වයඹ ජනකලා කේන්ද්‍රය

📍
ලිපිනය:

නුවර පාර, කුරුණෑගල, වයඹ පළාත, ශ්‍රී ලංකාව.

📞
දුරකථන:

+94 37 222 3421 / +94 37 222 1890

✉️
විද්‍යුත් තැපෑල:

info@wayambajanakala.lk

🕒
සේවා වේලාවන්:

සඳුදා - සිකුරාදා: පෙ.ව. 8.30 - ප.ව. 4.15 (රජයේ නිවාඩු දින හැර)

විමසීම් හා වෙන්කිරීම්